Thursday, January 2, 2020

සමාන්තර ලෝක ෆාමසිය 1:4

රාජකීය ආධුනික වෛද්‍යවරයා: ෆල්මා ඩි මෙඩිසිස්


මන්දිරය තුළ සීනු හඩක් නාද විය.
“මොකක් හරි පටන්ගන්නවද?”


“කෑම කන්න වෙලාව හරි, ෆල්මා-සමා”


“මට බඩගිනියි. ලොට්ටේ, ඔයා කනවද? ”


කවුරුන් කුමක් කරත් හැමෝටම බඩගිනි වනු ඇත.


“සේවකයන් කෑම කන්නේ ගෙදර අය කෑවට පස්සෙනේ.”


"මට තේරුණා!"


එය ලොට්ටේගේ වර්ධන වෙන කාලය නිසා ඇයට රාත්‍රී ආහාරය කලින් අවශ්‍ය විය. ඉතින්, ඔහු ඉක්මන් කළා.


ෆල්මා පළමු වරට කෑම කාමරයේ රැස්ව සිටි පවුලේ සාමාජිකයින්ගේ මුහුණු පරීක්ෂා කළේය.


“ඔයා නැගිටලා, මං  හිතුව නිදි කියල. ”


"ඔව්, මන් ගැන කරදර වෙන්න උන එකට සමාවෙන්න."


ෆල්මාට ආචාර කළ පළමු තැනැත්තා වූයේ සුදු රැවුල සහ නිල් පැහැති ඇස් ඇති මිනිසෙකි. උස සිහින් සිරුරක් තිබු ඔහුට තිවුණු ඇස් තිබුණි. ඔහු මන්දිරයේ ස්වාමියා සහ ෆල්මාගේ පියා වන බ්‍රොනෝ ද මැඩිසිස් වීය.


ඔහු රාජකීය ඖෂධවේදියෙකි. ඔහු පරම්පරා ගණනාවක රාජකීයන්ට හා වංශාධිපතීන්ට බෙහෙත් නියම කළේය. ඔහු රාජකීය අගනගරයේ සැන් ෆ්ලූව් රාජකීය වෛද්‍ය විද්‍යාලය සභාපතිවරයා ලෙස ද සේවය කළේය. ඔහු ජල මජික් භාවිතා කරන්නෙකි.


“ඔයාට සනීප උන එක ගැන සතුටක්”


රිදී හිසකෙස්, නිල් ඇස් ඇති කාන්තාවක් ඔහුට කිවාය. ඒ ඔහුගේ මව 34 හැවිරිදි බියට්‍රිස් ය. ඇය පැමිණියේ මජික් භාවිතා කරන්නන්ගේ කීර්තිමත් පවුලකිනි.


"අයියේ..."


නිල් පැහැති ඇස් ඇති, ඉණට ළඟා වූ රැලි සහිත කෙස් කළඹක් ඇති තරුණියක්, ෆාල්මාට හඩ නඟා කීවාය. ඒ ඔහුගේ බාල සොහොයුරිය වන බ්ලැන්චේ, අවුරුදු 4 යි. පොඩි වුවත් ඇය ඇගේ පියා මෙන් මජික් පිළිබඳ දක්ෂයෙකි.


ඇගේ මුදු මොළොක් වයසට ලස්සන මුහුණක් තිබුණි. අනාගතයේදී ඇය අනිවාර්යයෙන්ම ලස්සන වනු ඇතැයි ෆල්මාට ඒත්තු ගියේය.


ඔහුගේ අයියා පිලුලේ මේ මොහොතේ නිවසින් පිට ජිවත් වේ. ඔහු විදේශීය රටක පිහිටි නෝවා රූට් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රභූ ශිෂ්‍යයෙකි. සියලුම සිසුන්ට නේවාසිකාගාරයේ වාසය කිරීම නීතියක් බැවින් ඔහු නිවසට පැමිණියේ වසරකට දෙවරක් පමණි.


පවුල මුණගැසුණු ෆල්මා විශාල කෑම කාමරයේ වාඩි විය.


ඔහුගේ පියා මේසය මත අත් සේදීම සඳහා පෝසිලේන් බේසමක් පිළියෙළ කළ අතර මජික් භාවිතයෙන් පැහැදිලි ජලය එයට වත් කළේය.


බ්ලැන්ච් ඇයගේ බේසමට සහ මවගේ බේසමට වතුර වත් කලාය. ඔහුගේ මවට මජික් පුළුවන් වුවද ඇයට ජල මැජික් නොහැකි බැවින් ජලය නිපදවීම දියණියගේ කාර්යය වේ.

පාන් සහ හැදී ගරුප්පු මේසය මත තබා තිබුණි. දෙවිවරුන්ට කරන යාච්න කළ  පවුලේ අය ආහාර ගැනීම ආරම්භ කලෝය.


(ශා.. කෑම  හිතුවට වැඩ රසයි!!)


හොදින් කුළුබඩු යෙදු චිකන් කෝඩන් බ්ලූ වලින් ආරම්භ වූ ආහාර වේල පසුව වල් හාවෙක්ගෙන් සැදු ඉස්ටුවකින්ද රසවත් විය. කෑම මේසයේ හොද පුරුදු ගැන ලොට්ටේ පැවසූ දේට ෆල්මා කීකරු වූ අතර සෙමින් කෑමට උත්සාහ කළේය.


(මම හැම නිතරම වැඩ කරපු නිසා හොඳ කෑම වේලක් අරගෙනම තිබුනේ නැනේ)


ඔහු සමාන්තර ලෝකයේ අහාර රස විඳින අතර සෑම කටක්ම රසවත් ලෙස හපමින් සිටියේය.





“ඉතින් ෆල්මා. ඔයාගේ ඇග හිරිවැටිලා වගේද? ”


ෆල්මාගේ මව වහාම ඔහු ගැන කනස්සල්ලට පත්විය.


පියා රෝගීන්ගෙන් ලැබුණ නිවාස ඇමතුම් සඳහා සූදානම් වෙමින් සිටී.


“මගේ මතකය ටිකක් අවුල් වගේ. ඒක ඉක්මනටම හරි යාවි, ඒ ගැන කලබල වෙන්න එපා අම්මා ”


ෆල්මා සන්සුන්ව පිළිතුරු දුන්නාය.


"කොහොම උනත් ඔයා බේරුනේ අනූ නාමයෙන්. ඔයාගේ හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නතර උනා. අකුණු වැදීමෙන් පස්සේ මන් දීපු කසාය බිව්වා නේද?”


පියා ආඩම්බරෙන් කිව්වා. දක්ෂ ඖෂධවේදියෙකු ලෙස ඔහුගේ කුසලතා පිළිබඳ ඔහුගේ විශ්වාසය වැඩි වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ෆල්මාට හෘදයාබාධයක් ඇති වූ විට හුස්ම ගැනීම නතරවූ විට තාත්තා ඔහුට කසාය පොවා ඇත. ඔහුට හුස්ම හිර නොවීම  හොඳ දෙයකි


(හොඳයි, සමහර විට ඒක වැඩ කරන්න ඇති)


මුල් ෆල්මා නිශ්ශබ්ද හා සන්සුන් පුද්ගලයෙකු වූ හෙයින්, ඔහුටද එසේම එසේ හැසිරීමට සිදු විය.


මුල් ෆල්මාට සිදුවූ දේ ගැන ඔහු සිතන්නට පටන් ගත්තේය. අකුණු සැර වැදීමෙන් ඔහු වරක් මිය ගිය බව ඔවුන් පවසා තිබූ නිසා සමහර විට මුල් මතකය අතුරුදහන් වී ඇත. ඔහු එම සිරුර භාරගෙන ඇති අතර එසේ කිරීම ගැන වරදකාරි හැඟීමක් ඇති විය.


නමුත් මුල් ෆල්මා ඒ වන විටත් මිය ගොස් තිබූ අතර ඔහුගේ එම හැගීම අතුරුදහන් විය.


ඔහු තම මනසෙහි අනුස්මරණ සේවාවක් පැවැත්වූ අතර මුල් ෆල්මා වෙනුවෙන් ජීවත් වීමට තීරණය කළේය.


ඖෂධවේදියෙකු සහ මුල් ෆල්මා එක් මනසකට ඒකාබද්ධ වී තිබුණි.


"කොහොම උනත් ඔයාගේ මතකය අවුල් වුන එක ගැන මට දුකයි. මන් ඔයාව හොදින් බලාගන්නම්. ඔයාට මුකුත් කරදරයක් තියෙයි නම් කියන්න. කන්න ආස  කෑමක් තියෙයි නම් කියන්න හදලා දෙන්නම්.”


හැමෝටම ඉහලින් ඉන්න තාත්තට වඩා දයානුකම්පිත අම්ම වඩාත් ප්‍රසන්න විය.


“ඔව්, ආදරණීය අම්මාට ස්තූතියි. එහෙම කියපු එක ගැනත් මට සතුටුයි ”


ෆල්මාගේ පෞරුෂය වෙනස් වී ඇති බවට ඇයට අමුතු හැඟීමක් දැනුනේ නැත. ෆල්මා ඒ ගැනත් සිතුවා. කෙසේ වෙතත්, මුල් ෆල්මාගේ සුපුරුදු ආකල්පය සහ ස්වරය ලොට්ටේගෙන් ඇසීම වාසනාවන්ත විය.


“ඔයා ටික දවසක් විවේක ගන්න ඕනේ. ඊලග ලෙඩා බලන්න යන්න ඔයාට එන්න පුලුවන්ද? ”


පියා ආහාර ගැනීමෙන් පසු තුවායෙන් මුඛය පිස දැමූ අතර ෆල්මාට ඒ බව මතක් කර දුන්නේය.. ෆල්මා බලෙන් සිනහවක් නැගු අතර නමුත් පියා සඳහන් කරන්නේ කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. පියා පසුව අනුමාන කළේ ෆල්මාගේ මතකය තවමත් නොපැහැදිලි බවය, එබැවින් ඔහු තවදුරටත් පැවසීය.


“මේ රැජිනගේ ලෙඩ බලන්න යන එක..”


“මට මතකයි. මමත් එන්නම්. ”


ආධුනික ඖෂධවේදියෙකු, රාජකීය ඖෂධවේදියෙකුගේ වැඩ දැක පුහුණු කළ යුතුය. මුල් ෆල්මාගේ වයස අවුරුදු 10 ක් වුවද, ඔහු සාමාන්‍යයෙන් වෛද්‍ය පරීක්ෂණ වලදී තම පියාට උදව් කළේය.


රාජකීයන්  සහ වංශවත් අය සඳහා නිවාස කැඳවීම සාමාන්‍යයෙන් වැදගත් විය, නමුත් මෙවර එය ඔහුගේ පියාගේ රෝගීන් අතර ඉහළම පුද්ගලයායි. මෙය සාමාන්‍ය පුද්ගලයෙක් නොවීය.


ඔහු රැජින යැයි පැවසූ විට, ඔහු අදහස් කළේ සැන් ෆ්ලුවෙව් අධිරාජ්‍යය, දෙවන එලිසබෙත් රැජිනයි.


(මේක ලොකු වැඩක්)


අධිරාජ්‍යයාට කුමන ආකාරයේ ඖෂධයක් ලබා දිය යුතුද යන්න ගැන ෆල්මා සිතුවේය. ප්‍රතිකාරය අසාර්ථක වුවහොත් ඔහුව එල්ලා මරා නොදමන ලෙස ඔහු යාච්නා කළේය.



“ඔයාගේ අත් දෙකේ පිච්චුනා තැන් වල ගාපු ක්‍රීම් එකේ අමුද්‍රව්‍ය සහ හදන විදිය මොකක්ද?”


ලොට්ටේ කියපු හිටපු ගමන් අහන ප්‍රශ්නයක් තමයි මේ..!


“ඖෂධ පැළෑටිවල ප්‍රධාන සංගටකය වෙන්නේ.. ලහාරා කලාපයේ ටින් පයිරයිට්, කැටෙසෝ වලින් ගත්ත තෙල්, කටුස්සෙකුගේ ඇහැක්, පුර හද වවුලේක්ගේ තට්ටක කුඩු. හදපු විදිය නම්, මුළු රැයක්ම වතුරේ තම්බනවා යාච්නා කරන ගමන්, ඊට පස්සේ ඉර එළියේ දවස් 3 ක් වේලලා, කුඩු කරනවා.”


නූතන ජපානයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇති ඖෂධවේදියෙකු ලෙස ඔහුට ලැජ්ජාවක් දැනුනි.


කෙසේ වෙතත්, එයට කළ හැකි දෙයක් නොමැත. ඔහුට එය මේ ආකාරයෙන් කළ යුතුව තිබුණි.


ඔහු මන්දිරයෙන් පන්නා දැමුවහොත් එය කරදරයක් වනු ඇත.


“ඔයාට මතකයි. ඔයා මගේ පුතානේ.


ඔහුගේ පියා සැබෑ තත්වයන් නොදැන මහත් තෘප්තියකින් යුතුව කතා කළේය. කොහොම උනත්, සැක සහිත ක්‍රීම් සම සමග ස්පර්ශ වුවහොත් කැසීම හෝ දැවිල්ල ඇතිවිය හැකි බැවින් ඔහු ඉක්මනින් වෛද්‍ය ඔසු පිසදා දමා පිරිසිදු ජලයෙහි අත සෝදා ගත්තේය. පියා ඔහු එසේ කළ බව දැන සිටියේ නැත.


"කමක් නැහැ. ඔබේ ශාරීරික තත්වය තුළ විශේෂිත ගැටළු කිසිවක් නොමැති නිසා,, ඔබට හෙට ලේනෝරාගේ පාඩම් වලට ආපසු යන්න පුළුවන් නේද?”


(මන් දන්නැති කෙනෙක්?)


පසුව ඔහු ලොට්ටේගෙන් තොරතුරු අසා ගත්තේය,


ලෙනෝරා බොනෙෆෝයි.


ඇය පියාගේ ඉහළම ගෝලයා සහ ෆල්මාගේ උපදේශකයා.
_______________________________________________________________________
“ඔයා ගැන සැකයි, හරියට ඔබ වෙනස් පුද්ගලයෙක් වගේ ”


ෆල්මා ඉදිරිපිට සිටි කාන්තාව මේ වචන මැසිවිලි නඟද්දී මේසය මත ඇඟිලි තුඩු වලින් හැඩ ගැසුවාය.


ඔහු අසලින් වාඩි වී සිටින තරුණියගේ හඩට ෆල්මා අකිලි ගියේය.


ඇය ෆල්මාගේ පෞද්ගලික ගුරුවරිය වූ අතර ඔහුගේ පියාගේ හොදම ගෝලයා, ඉහළ පන්තියේ ඖෂධවේදියෙකු වන ලේනෝරා බොන්නෙෆෝයි, අවුරුදු 16 යි. ඇගේ රමණීය රිදී හිසකෙස් දෙපැත්තට වෙන්වී සිසිල් හැඟීමක් ලබා දුන්නේය.


"එහෙම නැ, ඔයා මවාගත්ත දෙයක් ඒ”


“ඔබ සංවරයි.. ගෞරව නාම පාවිච්චි කරනවා.”


ඔහු ලෙනෝරා  සමඟ සංවාද රටාව ඉගෙන නොගැනීම ගැන ෆල්මා කනගාටු විය. එය ශිෂ්‍ය-ගුරු සම්බන්ධතාවයක් නිසා, ඔහු ගෞරව නාම භාවිතා කළ යුතු යැයි උපකල්පනය කර තිබුණි.


(කතා කරන්නේ කොහොමද? ගුරුවරියක් එක්ක ඕනෑවට වඩා මිත්‍රශීලීව කටයුතු කළ යුතුද?)


ලේනෝරා සමඟ ඔහු සිටියේ මන්දිරයේ පරිශ්‍රය දිගේ ගලා බසින ගං ඉවුරක උයන් කුටියකය. ගෝලාකාර වහලයෙන් හිරු එළිය අවහිර වූ අතර උද්‍යානය පුරා හමන සුළඟ සැපපහසු හා ප්‍රසන්න විය.


උයන් කුටිය තුල  මේසයෙන් දෙපස බංකුවල ඔවුන් එකිනෙකා හරහා වාඩි වූහ. එය එළිමහන් ඉගෙනීම සඳහා අවකාශයක් විය.


“මේ මන් සාමාන්යෙන් කතා කරන විදිය ලෙනෝරා-සෙන්සේ”


ලෙනෝරාට එසේ හැඳින්වීම හරිද? නැතහොත් එය බොනෙෆෝයි-සෙන්සේ  විය යුතුද? සංවාදයට වඩා හොඳ ක්‍රමයක් ගැන සිතීමට ඔහු උත්සාහ කරමින් සිටියදී ඔහුට වහාම බාධා ඇති විය.


“එලන් කියලා කතා කරනේ, මතක නැද්ද? කොහොම උනත් ඔයා මෙච්චර වෙනස් වෙලා තියෙන්නේ කොමද?”


“හරි හරි මන් කියන්නම්. මට අකුණු වැදුණු නිසා මගේ මතකය ටිකක් අවුල් සහගතයි ”



“ඔයාට මිට කලින් එක කියන්න තිබුනා.”


“නිසැකවම, අකුණු සැර වැදීමෙන් ඔයාගේ පෞරුෂය වෙනස් වෙන්න පුළුවන්.… සමහර විට ඔයාට ඉක්මනට සනීප වේවි. ඔයාගේ ජීවිතය බේරුනා එක ගැන සතුටු වෙන්න ඕනේ."


එලන් නැගිට ඇගේ උරහිසට ඉහළින් ඔහු දෙස බලා ප්‍රසන්න සිනහවක් පෙන්වීය. ඇය ගඟ දෙසට ගියාය. ෆල්මා ඇයව  අනුගමනය කළේය.


“අද දේශනය ඖෂධ ගැන නෙමෙයි, අද ඔයාගේ මජික් බලය පරික්ෂා කරන දවස”


එලන් ෆල්මාගෙන් ඇසුවේ ඔහුට සියලු මජික් ක්‍රම මතකද යන්නයි.


එලන් මුල් ෆල්මා බොහෝ මැජික් කලාවන් ඉගැන්වීය.


ඔහු හොඳ බුද්ධියක් ඇති විශිෂ්ට ශිෂ්‍යයෙකු බව පෙනෙන්නට තිබුණි.


“මම කල්පනා කරේ මට කොප්පෙකට වතුර ටිකක් මවලා දන්නා පුළුවන් වේවිද කියලා”


ෆල්මා විහිළුවක් ලෙස පැවසූ විට එලන් ඇගේ හිසේ අත තබා ගත්තේය.


“මට හැමදේම මතක නැති එක නම් ඇත්ත.”


ඔහු එලන්ගේ දේශනයට හොඳින් සවන් දුන්නේය.



No comments:

Post a Comment