Wednesday, January 8, 2020

සමාන්තර ලෝක ෆාමසිය 1.6

පොදු ජනතාව සඳහා ෆාමසියක සැලසුමක්

ෆල්මා කෙසේ හෝ ඇයව රැවට්ටිමට උත්සාහ කළ නමුත්,

“යෂ්ටියත් නිසා නෙමේ! ඔයාගේ මජික් බලේට මොකද වෙලා තියෙන්නේ? මම කිව්වේ, ඔයාගේ ඇග කෝමද දැන්?”

එලන් බෑගයෙන් ලෝහයෙන් සාදන ලද සැරයටියක් මෙන් පෙනෙන උපකරණයක් ලබා ගත්තේය.

එය දිව්‍යමය බලය මනින උෂ්ණත්වමානයක් මෙන් උපකරනයෙකි, එය දිව්‍ය බලයේ ප්‍රමාණයට අනුරූප වර්ණයක් පෙන්වනු ඇත.


පුද්ගලයෙකු සතු භාවිතා කළ හැකි දිව්‍ය බලය සීමිතය, එබැවින් පුහුණුවීමේදී යමෙකු ඔවුන්ගේ දිව්‍ය බල මට්ටම ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.

ෆල්මා ඉහළ දිව්‍ය කලාවක් භාවිතා කළේය, ඔහු සිය සියලු බලය පාවිච්චි කළහොත් ඔහු කලන්තේ දානු ඇත.

එබැවින් එලන් ඒ ගැන සැලකිලිමත් විය.

ඇය කෙතරම් කලබල වූවාද කිවහොත් ඇය දෑස් වල කදුළු පිරි ඇත.

“ඔයා වාසනාවන්ත වෙන්න පුළුවන්…. ඔය ජිවිත කාලයක් විතර වටින දිව්‍යමය බලය ප්‍රමාණයක් පාවිච්චි කරා!”

"මේ?"

"අහන ඉන්න, මන් එක පස්සේ කියන්නම්.”

ෆල්මා එය අත් දෙකෙන්ම අල්ලා ගත් විට එය මෘදු සුදු ආලෝකයක් විමෝචනය කිරීමට පටන් ගත්තේය.

උෂ්ණත්වමානයක් මෙන් පෙනෙන කුහර මධ්‍යයේ දැඩි බලවේගයක් නැගී සිටීමට පටන් ගත් අතර, ඔහු එය ක්ෂණිකව අත හැරිය.

“පාටක් නැ..., සීමාව පැනල...!”

එලන් පුදුමයෙන් පිටිපස්සට විසිවිය. ඇගේ කණ්නාඩි බිම වැටුන අතර ඇය ඒ මතට අඩිය තබා අවසන්ය. නමුත් එලන් ඒ ගැන තැකීමක් කළේ නැත.

“ඔන්න කන්නාඩිය කැඩුන..”

“මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා සිමාව පැන්නුවේ කොමද??”

එලන් ව්‍යාකූල වූ අතර එය ඇයගේ හැසිරීමෙන් මනාව දිස් වේ.

“මම මේ ගැන දැනගන්න කැමතියි…… මීටරේ සිමාව පන්නපු කවුරුත් මේ ලෝකේ ඉදලා නැ”

එලන් ෆල්මාගේ කමිසය අත්  ඉහලට ඔසවා අකුණු සැර වැදීමෙන් ඉතිරි වූ ලකුණු දෙස හොඳින් බලා සිටියේය.

ෆල්මා එය ඇදුමේ දිගු අත් වලින් ආවරණය කළද, එය ඇඳුම් හරහා පෙනෙන ආලෝකයක් විමෝචනය කරන බැවිනි එලන් එය පහසුවෙන් සොයගත්තාය.

ඇය වැඩි වේලාවක් ඒ දෙස බලා සිටින විට එලන් වඩාත් කනස්සල්ලට පත්ව සිටින බව පෙනේ.


“මෙම සලකුණ, ඔය ඒක දැක්කද? ඖෂධ දෙවියන්ගේ ශුද්ධ ලාංඡනය වගේ”

“ ලොට්ටේත් කීවේ එකමයි, හැබැයි අකුණු සැර වැදුන ඕනෑම කෙනෙකුගේ මේ වගේ දකින්න පුළුවන්"

වෛද්‍ය දෙවියන්ගේ ශුද්ධ ලාංඡනය ගැන පොත් පරීක්ෂා කරන විට ෆල්මා දැන සිටියේය.

එය නිසැකවම සමීපව සමාන වූ නමුත් ඔහුගේම මතයට වුයේ එය අකුණු සැර නිසා ඇතිවෙන කැළල ලෙසයි.

“ඔයා දිව්‍ය කලාව පාවිච්චි කරනකොට, ඔයාගේ ඇගේ රස්නයක් දැනෙනවද? හුස්ම මදි ගතියක් වගේ දැනෙනවද?

“එහෙම දෙයක් නම් නැ , හැබැයි බලය වෙනත් ලෝකයකින් එනවා වගේ දැනෙනවා. මට මහන්සියක් නැත්තේ අ නිසා වෙන්න ඇති ”

“මම හිතුවා වගේ….. වෙනත් ලෝකයකින් එන බලයක්. සාමාන්‍යයෙන් ඕනෑවට වඩා දිව්‍යමය බලය පාවිච්චි කරාම කලන්තේ දාන්න පුළුවන්, සමහර වෙලාවට මැරෙන්නත් ඉඩ තියෙනවා. එත් ඔයාට සිමාව ඉක්මවල  යන්න තරම් බලය තියෙනවා."

“මාස්ටර් ෆල්මා. මීට  පස්සේ දිව්‍ය බල මීටරයක් ​​ප්‍රසිද්ධියේ අල්ලන්න එපා. තාත්තට  පෙන්නන්නත් එපා. අ වගේමයි මැජික් එකක් කරන කොට සම්පුර්ණ බලයෙන් කරන්නත් එපා.

ඇය බැරෑරුම් ලෙස පොතකින් යමක් සොයන්නට විය.

ඇගේ කණ්නාඩි කැඩී ඇති හෙයින්, ඇය පොත ලෙවකෑමට තරම් සමීපව පරීක්ෂා කරමින් සිටියාය.

“ඔබ ප්‍රධාන හා සුළු අ-මූලද්‍රව්‍ය(non-element) ගුණාංගයට යටත් වන බවක් පෙනේ”

දිව්‍ය බල මීටරයෙන් විමෝචනය වන වර්ණයෙන් ඇයට එම ගුණාංගය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි විය.

එය සුදු නිසා, එයින් අදහස් කළේ එය අමූලද්‍රව්‍ය බවයි.

“අමූලද්‍රව්‍ය දුර්ලබයි නේද?

ඔහු මීට පෙර ඇසු පරිදි වසර සිය ගණනක් තුල අමූලද්‍රව්‍ය පරිශීලකයෙකු ජීවත්ව නොමැති බවයි.

“දුර්ලභයි කියන එක අඩු තක්සේරුවක්. ඒක කවුරුත් දන්නේ නැති හැකියාවක්, රැජිණට වඩා දිව්‍යමය බලයක් ඒකේ තියෙනවා කියලයි කියන්නේ. ඔයාට රජ වෙන්නත් පුළුවන් වේවි.”

“නමුත් 'ඩි මෙඩිසිස්' වෛද්‍ය පවුලක් නේද?”

හදිසියේම අධිරාජ්‍යයෙකු වීම ගැන කතා කරන විට ෆල්මා බියට පත් විය.

"ඒක  එහෙම නෙමෙයි."

සැන් ෆ්ලීව් අධිරාජ්‍යයේ රජ වෙන්න වෙනස්ම විදියක් තිබුණි.

දිව්‍ය බලයේ ශක්තිය, පවුලේ තත්වය සහ භාරකාර දේවතාවිය සැලකිල්ලට ගෙන හැකියාවන්ගෙන් විශිෂ්ට ලෙස කැපී පෙනෙන වංශාධිපතියෙකුගේ නීත්‍යානුකූල දරුවෙකු පල්ලියේ කමිටුව විසින් තෝරා ගනු ලැබේ.

ෆාල්මාගේ සිද්ධියේදී, ඔහු දැනටමත් අධිරාජ්‍යයාගේ දිව්‍යමය බලයද ඉක්මවා ඇති අතර, ඩි මෙඩිසිස් පවුලේ තත්වය දැනටමත් ප්‍රමාණවත් විය. අධිරාජ්‍යයෙකු වීමට ඔහුට සියලු සුදුසුකම් තිබුණි.

“ඉතින්, ඔයා කැමතිද?”

"කොහෙත්ම නැහැ. පළමුවෙන්ම, මම දේශපාලනයට එතරම් දක්ෂ නැත. එයාල දේශපාලනය මට භාර දුන්නොත් ඒක භයානකයි”

ඔහු ස්වභාවයෙන්ම විද්‍යාවේදියෙකු වූ හෙයින් ඔහු නිසැකවම දේශපාලනයට සම්බන්ධ නොවීය.

ඔහුට පුරුදු නැති දෙයක් කල නොහැකි බව සත්‍යයි.

“එහෙනම් මේ ගෙන කාටවත් මුකුත් කියන්නේ නැතුව ඉන්න හොඳද? අද දින පාඩම මෙතනින් නවත්තමු එහෙනම්.”

“එහෙනම් ස්තූතියි. මෙම කණ්නාඩි, ගෙදර අරන් යන්න අමතක කරන්න එපා. එක හදාගන්න පුළුවන් වේවි"

කෙසේ වෙතත්, එලන් හෙලවුනේවත් නැත.

“ඔයා ගෙදර යන්නේ නැද්ද?”

“මගේ කන්නාඩි දෙක නැතුව මට මුකුත් පෙන්නේ නැ. වල්වව්වේ වැඩිපුර කන්නාඩි දෙකක් තියේවිද දන්නා.”

“මම ඔයාව වලව්වට එක්කන් යන්නද?”

ෆල්මා එලන්ව අතින් ගෙන ගොස් පාලම තරණය කර ඖෂධ පැළෑටි අතරින් මන්දිරය වෙත ආපසු ගියේය.

“මෙතැන පඩියකක්, පරිස්සමින් එන්න.”

එලන්ගේ සියුම් අත සීතල විය.

ඇය සීතලට සංවේදී බවක් නොපෙනේ.

“ඔයාගේ අත වෙව්ලනවා, ඔයා හොඳින්ද?”

“ඔව්, ඔව්?”

නිශ්ශබ්දතාව ටික වේලාවක් පැවතුනි.

"මේ ෆල්මා, අකුණු සැර වැදුන එකෙන් ඔයාට බලයක් හම්බුනා කියලා හිතන්නේ නැද්ද?.”

“ඔයා කරපු මැජික් එක කිසිම මිනිහෙක්ට කරන්න පුළුවන් එකක් කියලා මන් හිතන්නේ නැ. සමහරවිට ඔයාගේ භාරකාර දෙවියා ඖෂධ දෙවියන් ඔයාට ආවේශ වෙලා වෙන්නත් පුළුවන්. “

”මම දන්නා විදියට, අකුනෙන් පස්සේ ඔයාගේ හදවතත් නැවතුනා... ඊට පස්සේ ඔයාගේ හැසිරීමත්
 වෙනස් වුනා.”

(එකත් එහෙමද?)

ෆාල්මාට තේරුනේ ඇය එසේ කිවේ ඔහු කෙරෙහි ඇති බිය නිසා බවයි.

ඕනෑවට වඩා බලයක් ඇති මිනිසෙකු තවදුරටත් මිනිසෙකු ලෙස සලකනු නොලැබේ.

“මම කලින් දන්නා කියන ෆල්මා ඔය කියලා විශ්වාස කරන්න මම කැමති, කොහොම වුනත් ඔයා සම්පුර්ණයෙන්ම වෙනස්”

දිව්‍ය කලාව කිරීමේදී කිසියම් හෝ වැරැද්දක් ෆල්මා  අතින් සිදුවී ඇය මිය යාමට පවා සිදු විය හැක යන්න මතක් වී ය වෙවුලන්නට විය.

“ඔයාගේ බලය, ඔයාට ඒක සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන්ද?

“මට හරියටම තේරෙන්නේ නැ,හැබැයි මට එය පාලනය කරන්න පුළුවන් කියලා නම් මට විශ්වාසයි”

ඔහුට බලය ලැබුනද, ඔහු එය අනිසි ලෙස භාවිතා කරනු ඇතැයි ෆල්මා සිතුවේ නැත.

(තුවාල සුවකරන්නත් මම දක්ෂයි)

“ඔයාගේ කන්නාඩිය කැඩුන වෙලාවක ඔයාට මෙහෙම කරතකි”

ෆල්මා එසේ කියමින්  තම ඇඟිලි තුඩු සහ මාපටැඟිල්ල වලින්  රවුමේ ලකුණක් සාදා කණ්නාඩි මෙන් ඔහුගේ දෑස් මත තැබීය.

එය දුටු එලන් නිකන්ම සිනාසෙමින් සිටියේය.

එලන්ට වෙන දෙයක් කිරීමට නැති බැවින් ඇයද ඇගිලි වලින් රවුමක් සාදා එය ඇගේ මුහුණ ඉදිරිපිට තැබීය.

“ඇගිලි ලං කරමින් රවුම පොඩි කරන්න, එක දැන් සිදුරකි”

“එහ්? එහ්? ඉන්න, ඊහ්හ්!? ”

එය කරන අතරතුර එලන් කෑගැසුවේය.

ඇය සතුටින් සිනාසුණාය.

"මට පේනවා! මට දුර පේනවා! ඔයා එක දන්නේ කොමද?"

“දර්ශන පථය පටු නම් මට හොඳින් පේනවා!”

කණ්නාඩි යුගලයක් අනුකරණය කරමින් දෙදෙනෙක් එකිනෙකා සමඟ කතා කළහ.

“ඔහ්?”

(මේ මොකක්ද?)

කුතුහලය දනවන එලන් දෙස බලා සිටියදී ෆල්මා තවත් දෙයක් ගැන පුදුමයට පත් විය.


ඇගිලි තුලින් බලන විට ඔහුට ඇගේ දෑස් සහ වම් අතේ ඇඟිල්ල නිල් පැහැති සුදු පැහැයක් ලෙස පෙනුනි.

“මගේ මුහුණේ මොනවා හරි තියෙනවද?”

එලන් ඇගේ කම්මුලට ඇඟිල්ලකින් අනිමින් ඇසුවාය.

ඔහු නොදැනුවත්වම ඇගේ අත ගත්තේය.

“ආ!”

"මොකක්ද?"

ෆල්මා එලන්ව ඔහුගේ ඇඟිලි අතරින් දුටු විට, ඇගේ වම් අතේ මැද ඇඟිල්ලේ දෙවන සන්ධිය අසල නිල් පැහැති සුදු පැහැයක් ගනී.

ඔහු ඇඟිලි ඉවත් කර බැලු විට එය පහව ගියේය.

ඔහුට එය දැකිය හැක්කේ ඔහුගේ වම් අතෙහි ඇඟිලි තුලින් පමණි.

ෆල්මා එලන්ගේ ඇඟිල්ලේ දිලිසෙන කොටස ස්පර්ශ කළේය.



“අපොයි! රිදෙනවා ඔයා මොකක්ද කරන්නේ?"

එලන් කෑගැසුවා.

“එහ්? මන් ගොඩක් තද කරේ නැනේ?”

“අද උදේ මගේ ඇඟිල්ලට වැදුණා. මගේ ඇඟිල්ල උලුක්කු වෙලා කියලා දන්නේ කොමද?”

“උළුක්කු වෙලා?”

ෆල්මා එසේ පැවසූ විගස නිල් පැහැති සුදු පැහැය සමස්ත සුදු පැහැයක් බවට පත්විය.

විවිධ දේ අත්හදා බැලීමෙන් පසු ඔහුට ප්‍රතිපල ලැබුණි. ඔහු තම වම් අතෙහි රවුමක සලකුණක් සාදා එය තුලට දිව්‍යමය බලය සපයා බැලු විට, රෝගියාගේ බලපෑමට ලක් වූ කොටස නිල් පැහැයෙන් දිදුලයි, රෝගයේ නම නිවැරදිව අනුමාන කළහොත් වර්ණය වෙනස් වේ.

“මේක නම් පුදුමයි.”

“ඒක හරියට දෙවියන්ගේ දිව්‍යමය ඇස් වගේ.. ෆාල්මා-කුන් මම හිතපු විදිහටම තමයි, ආ! ”

ඖෂධ දෙවියන්ට සියලු වර්ගවල රෝග හඳුනාගත හැකි අතර රෝග ලක්ෂණය අනුව ඕනෑම ආකාරයක ඖෂධයක් ලබා දිය හැකි බවට පුරාවුර්තයක් තිබුණි.

එලන් ෆල්මාගේ දෙපා දෙස ඇඟිල්ල දිගු කළාය.

“ඔයාට නැ, සෙවණැල්ලක් නැ!”

ඇය ඉදිරිපිට සිටි ෆල්මාගේ පාදය යට සෙවනැල්ලක් නොතිබුණි.

“ආආආආආආආආ!?”

අපේක්ෂා කළ පරිදි ෆල්මා කෑගැසුවේය.

“මම කාටවත් කියන්නේ නැ ඔයා වෛද්‍ය දෙවියන්ගේ පුනරුත්පත්තිය කියල, ඔයා යක්ෂයෙක්ට සමානයි කියලා මන් කියන්නේ නැ.”

අවසානයේදී එලන්ට විශාල බයක්  දැනුණු අතර , ඇය බිම වැටෙමින් දිව ගියේය.

"මං  මොකක්ද කරන්නේ?"

අඳුරු පැහැයක් ඇති මන්දිරයේ සෙවණැල්ල කැපී පෙනෙන්නේ නැත, නමුත් එහි දීප්තිමත් තැනකදී ෆල්මාට සෙවනැල්ලක් නොමැති බව කැපී පෙනේ.

එලන් එය රහසක් ලෙස තබා ගනී යැයි විශ්වාස කිරීම හැර ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි

කෙසේවෙතත්, යම් දවසක ඔහුට සෙවණැල්ලක් නොමැති බව හෙළි වන අතර නිසැකවම ඔහුට කරදර වෙනු ඇත.

එසේ සිතමින් සිටියදී ඔහුට හිසරදයක් ඇතිවිය.

___________________________________________

සවස වන තුරු කාලය කා දැමු ෆල්මා නැවත මන්දිරයට පැමිණියේය. [දිව්‍ය ඇස] භාවිතා කරමින් බැලූ විට ලොට්ටේ කාමරය උණුසුම් කරමින් සිටියේය.

රෙදි සෝදන හා මුළුතැන්ගෙයි වැඩ වැනි දේ කරන දැරියගේ අත අඳුරු නිල් ආලෝකයක් නිකුත් කරමින් සිටියදී,

“[වේලුන සමක්]”

ඇගේ අතේ නිල් ආලෝකය සුදු පැහැයට හැරුනි.

එය නිවැරදි පිළිතුර බව පෙනෙන්නට තිබුණි.

ඔහු වහාම සම තෙත් කරන (moisturizing) ක්‍රීම් එකක් නිර්මාණය කළ අතර එය මල් සුවඳ සහිත දියරයකි.

“ආ! මේ මොකක්ද?"

“මේක තෑග්ගක්, නින්දට යන්න කලින් මේක අත්වල ගාන්න. ටික දවසකට පස්සේ අත් සිනිදු වේවි. මුනෙත් ගන්න පුළුවන්."

"ඔව්! මට සතුටුයි! ”

ලොට්ට කොතරම් සතුටු වූවාද කිවහොත් ඇයට තවදුරටත් කිසිවක් කීමට නොහැකි විය.

ඇයට ප්‍රීතිය සඳහා නටන්නට අවශ්‍ය බවක් පෙනෙන්නට තිබුණි.

“මගේ අම්මටත් ඒක පාවිච්චි කරන්න පුලුවන්න්ද? අම්මගේ අතුත්  ගොරෝසුයි.”

"අනිවාර්යෙන්ම.."

ඊළඟ දවසේ, ලොට්ටේ සහ ඇගේ මව ෆල්මා වෙත ගොස් ඔවුන්ගේ සුමට දෑත් පෙන්වූහ.

“මේක නම් නියමයි! හැම කෙනෙක්ම මේක මිලදී ගන්න කැමතියි! ”

මේ වන විට අත් රැකවරණය සඳහා මිල අධික තෙල් හා විලවුන් පමණක් ඇති බව පැවසේ.

එම මිල අධික ඖෂධ ගත් කල, විකුණුම් ඒකාධිකාරී වූයේ ඖෂධ සංගමයයි.

“මැඩම් සමහර වෙලාවට අම්මට බෙහෙත් දෙනවා,, හැබැයි ඒවා ගණන් වැඩි ඒවා නිසා සාමාන්‍ය මිනිහෙක්ට ඒවා ගන්න බෑ.”

ඔහුට සතුටින් ආචාර කර ආපසු යමින් සිටි ලොට්ටේ දෙස බලන විට ඔහු සිතුවේ සාමකාමී මනසින් ඖෂධ මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකි විය යුතු බවයි. ඔහු සාමාන්‍ය ජනතාවට අඩු මිලට ඖෂධ ලබා දෙන්නේ නම්, ඒ සෑම කෙනෙකුම සතුටු විය හැකිය.

ඔහු මුලින් දැඩි කැපවීමකින් යුත් ඖෂධවේදියෙකු වූ අතර මිනිසුන් සුව කිරීම සඳහා නව්‍ ඖෂධ නිපදවීම සඳහා තම ජීවිතය පරදුවට තැබීය.

ඔහු සතුව තිබූ තාක්‍ෂණික කුසලතා හා දැනුමෙන් මේ ලෝකයේ ජනතාවට උදව් කිරීමට ඔහු කැමතියි.

එසේම, ෆාල්මාට සෙවණැල්ලක් නොමැතිව කැපී පෙනීමට අවශ්‍ය නැත, ඔහු තවදුරටත් මනුෂ්‍යයෙකු නොවන මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස හංවඩු ගැසෙනු ඇත.

ඖෂධ ව්‍යාප්ත කිරීමට සහ මේ ලෝකයේ ජනතාවට සේවය කිරීමට ඔහුට අනාගතයේ දී ෆාමසියක් විවෘත කළ යුතු අතර, ඔහුගේ ද්‍රව්‍යමය නිර්මාණය සඳහා අරමුදල් සැපයීම සඳහා ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස තම සහෝදරයාව හවුල් කරගත  යුතුය.

ෆල්මා අනාගත අපේක්ෂාවන් සඳහා සැලැස්මක් ගැන සිතන්නට පටන් ගෙන තිබුණි.

1 comment: