Tuesday, January 14, 2020

සමාන්තර ලෝක ෆාමසිය 1.7

එලන් සමග ගිවිසුම

ඊළඟ දවසේ එලන් පරවියෙකු මගින් පණිවිඩයක් ඒවා තිබුණි.

ඇයට අද දැඩි උණක් වැළඳී ඇති අතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය බවද , තවද  ඇයට ෆල්මගේ උපදේශකයා ලෙස ඉල්ලා අස්වීමට අවශ්‍ය බව එහි තිබුණි.

“අධික උණ නිසා එයා අද නිවාඩු ගන්නවලු , බය හිතෙන සිහිනයකට බය වෙලා වගේ පෙන්නේ”

නපුරු සිහිනයට හේතුව ඔහුම විය හැකි විට ෆල්මාට කිසිවක් කීමට නොහැකි විය. සමහර අවස්ථාවල අධික උණ ඇති විය හැක.

“උපදේශකයෙකු වීම නතර කිරීම මොනතරම් විහිළුවක්ද? මම කිව්වා ගෝලයෙකු සිටීම හා ඉගැන්වීම වෛද්‍යවරයකු වීමේ කොටසක් කියලත්”

ෆල්මා සිතුවේ එලන්ව තනිවම තැබීම වඩා හොඳ බවයි.

"මම හිතන්නේ උණ නිසා එහෙම හිතෙන්නත් පුළුවන්, ඒ නිසා ඔයා මෙ බෙහෙත දීල එන්න යන්න"

එය නැවතත් ඔහුගේ ආදරණීය පානය විය.

අහ්… .. ෆල්මාගේ දෑස් මැරුණු මාළුවෙකු මෙන් විය.

(මම ගියහොත්, තත්වය තවත්  නරක අතට හැරෙන්න පුළුවන් නේද? හෙක්, එයා මගෙන් බෙහෙතක් වත් ගන්න එකක් නෑ...)

ඔහු එසේ සිතුවද, ඔහුට තම පියාගේ නියෝගයට පටහැනිව යා නොහැක.

අන්තිමේදී, නියෝගයට අනුකූලව, ෆල්මා කරත්තයකට නැග, එම බෙහෙත් බෝතලය එලන්ට භාර දීමට ගියේය.

“මාස්ටර්, අපි ආවා. මේ බොන්ෆෝයි පවුලේ මන්දිරයයි”

"ඔබට ස්තුතියි"

ඔහු අපූරු මන්දිරයකට පැමිණ ඇත. එලියනෝරා බොන්නෙෆෝයි අර්ල්ගේ දියණියකි. එය ෆල්මාගේ මන්දිරය තරම් විශාල නොවූ නමුත් රාජකීය අගනුවරට ආසන්නයේ ජීවත් වීමට මෙම මන්දිරය තරමක් විශාල විය.

“කරුණාකරලා මගේ දියණියට සමාව දෙන්න, ඇයට මේ මොහොතේ අසනීපයි.”

ආදිපාද වරයාගේ  පුතා පෞද්ගලිකව ගිය නිසා, අර්ල් වන එලන්ගේ පියා ඔහුව ඇතුල් වීමේ ශාලාවෙන් පිළිගත්තේය.

“මට සමාව දෙන්න, ඇයට අසනීප නිසා ඇයට කරදර නොකර මම ආපසු යන්න ඕනේ. කරුණාකරලා මේක එයාට දෙන්න.”

බ්‍රව්නෝ ලිපියක් ද ලබා දෙන ලදී. ලිපියේ අන්තර්ගතය ඇයට පවසා ඇත්තේ උණ සනීප වූ පසු ඇයට උපදේශකයෙකු ලෙස සිටින ලෙසය.

“ඔබ මේ සියල්ලටම මෙහේ අවා නම් පොඩ්ඩක් ඉන්න, මන් එයාව එක්කන් එන්නම්.”

“එහෙම ඕනේ නැ, එයට හොදටම උණනෙ”

“බඩගාගෙන හරි එයා ඒවි”

ෆල්මා ඇයව මුණගැසීමට අදහස් නොකළ නමුත්, ඔහුව අර්ල් විසින් ඔහුව විසිත්ත කාමරයට ගෙන යන ලදී.




විසිත්ත කාමරයේ දොරෙන් එලන් පැමිණියේය.  අඩක් විවෘත කළ වානේ හිස්වැස්මක් පලද සිටි ඇය  දෙස බැලුවේ ඕනෑකමින්.

“එලන්? ඔයාට  කරදර කරන්න උන එකට කණගාටුයි ”

“ඔයා මෙහෙ අවේ ඇයි? ඔයාගේ රහස මම දන්නා නිසා මාව මරන්නද අවේ?"

“නැහැ. මොකක් උනත් ඔයා මුලින් වාඩි වෙලා ඉන්නවද?”

යෂ්ටිය ලග නැති බව පෙන්වීමට ෆල්මා අත් දෙකම ඔසවා ගත්තේය.

අනෙක් අතට, එලන් සම්පූර්ණයෙන්ම සන්නද්ධ විය. ඇය දිව්‍ය කලා විරෝධී තහඩු වලින් තනන ලද නයිට්‌ ඇදුමක් පැළඳ සිටි අතර ඇයගේ දෑස් පමණක් පිටතට දැකිය හැකිය. ඇය ඉහළම වර්ගයේ යෂ්ටි 3 ක් සූදානම් කළාය.

ඇය කාමරයට ඇතුළු වුවද ඇය  ෆල්මාගෙන් හැකි තරම් දුරින් සිටීමට තීරණය කළාය. ෆල්මා සිය දිව්‍ය ඇස්වලින් එලන්ව පරීක්ෂා කළේය. අධික උණ ඇත්තය. මුළු සිරුරම ආවරණය වන පරිදි සන්නාහයක් ඇඳීම, අසනීපව සිටි එලන්ට එය ඉතාමත් අපහසු විය යුතුය.

“තාත්තා මට උපදෙස් දුන්නා මේ බෙහෙත් ඔයාට දෙන්න කියලා. කොහොම උනත් මේක දිහා බැලුවම...”

ෆල්මා සැක සහිත හරිත පැහැති  කුප්පියක් කාමරයේ මේසය මත තැබීය. ෆාල්මා තම පියාගේ වට්ටෝරුව පරීක්ෂා කළ විට එය  පානය කිරීම ශක්ති ජනක පානයකට සමාන බලපෑමක් ඇති වන බවක් පෙනෙන්නට තිබූ හෙයින්, ඔහු එය සීතල රෝග ලක්ෂණය අඩු කරන ඖෂධයක් ලෙස ප්‍රතිසංස්කරණය කළේය.

“ඇයි මගේ මාස්ටර්….. මට තනිවම බෙහෙතක් හදාගන්න පුළුවන්නේ?"

(උණ නිසා ඔය උපදේශකයෙකු වීම නවත්තනවා නම් ඔයාගේ බෙහෙත් වැඩ කරන එකක් න කියල හිතෙන්නේ නැද්ද?”

ෆල්මා සිතුවත් එය කිව්වේ නැත.

“මම ක්‍රීම් එකක් හදලා දෙන්නම්. ඔයාගේ උළුක්කු උන ඇගිල්ලේ ගාන්න”

ඔහු ප්‍රති-ගිනි අවුලුවන විශ්ලේෂක අමුද්‍රව්‍යයක් සහිත ක්‍රීම් එකක් සකස් කළේය.

“මම ඔයාට කන්නාඩියත් ගෙනාව ”

ඔහු තම මන්දිරයේ තිබූ අමතර කන්නාඩියක් ගෙන ආවේය.

ෆාල්මා රෙදිවලින් ඔතා ඇති කණ්නාඩි පරිස්සමින් මේසය මත තැබීය.

“ඔහ්, ස්තූතියි”

“ඔයා අත්තටම උගන්නන එක නවත්තනවද?”

"ඒක හරි. අවංකවම ඔයාට මට උගන්නන්න දෙයක් තියෙයිද? ඔයා  ඖෂද දෙවියන්ගේ පුනරුත්පත්තිය"

එලන් අවසානයේ තීරණය කළේ ෆල්මා වෛද්‍ය දෙවියන්ගේ පුනරුත්පත්තිය බවයි.

“නැහැ, මම මනුෂ්‍යයෙක්. මගේ දිව්‍ය කලාව මට සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ ”

ඔහු මිනිසෙකු බව ෆල්මා ප්‍රකාශ කළද, ඔහුගේ තත්වය මත පදනම්ව ඔහුට එය විශ්වාසයෙන් කිව නොහැක.

“මාස්ටර් ෆාල්මා, ඔයාට  ඒක පැහැදිලි කරන්නේ කොහොමද? මිනිසෙකු වීමට  සෙවනැල්ලක් තියෙන්න ඕනේ. ආහ්, මම විතරක්  ඒක දන්නේ. ඩි මෙඩිසිස් පවුලේ මන්දිරයේ කවුරුවත් ඒක දන්නේ නැත්තේ ඇයි?”

මන්දිරය තුළ එය අඳුරු වූ නිසා යැයි ෆල්මා ඔහුගේ මනසින් ප්‍රතිචාර දැක්වීය.

එලන් ඇගේ හිස් වැස්ම ගලවා මේසය මත  දැමුවේය. ඇය බොහෝ විට සන්නාහය තුළ තැම්බෙමින් සිටින්නට ඇත.

“ඔබ දිගටම මගේ උපදේශකයා විදියට ඉන්නවට මම කැමතියි. මට අවශ්‍යයි ඔයා මට තවත් හුගක් දේවල් උගන්වනවට.”

“එහ්?”

එලන් මුහුනෙන් පෙනුනේ ඇය පුදුමයට පත් වූ බැවිනි.

“මම ඒක ප්‍රතික්ෂේප කළොත්, ඔයාගේ රහස මා දන්න නිසා ඔයා මාව මරයිද?”

“මං  කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැ. කොහොම උනත් මන් දැන් ගෙදර යනවා. තව දෙයක්..”

"මොකක්ද?"

“ඔයා හෙල්මට් එක තිබ්බේ කන්නාඩිය උඩින්. එක අපහු කැඩුනා”

“අයියෝ....”

බොන්ෆෝයි පවුලේ මන්දිරයෙන් පිටත්ව යන විට එලන්ට කණ්නාඩි සමඟ වාසනාවක් නැතැයි ෆල්මා සිතුවේය.

ඊළඟ දිනය.

“මාස්ටර් ෆාල්මා, අපි දිව්‍ය කලා පාඩමට යමු! මම අද හුගක් තදින් උගන්නනවා! ”

උදේ ආහාරය අවසන් වූ විගස, එලන් තනිවම අශ්වයෙකු පිට නැඟී ඩි මැඩිසිස් පවුලේ මන්දිරයට ගියේය. ”සම්පූර්ණ තහඩු සන්නාහයෙන් සැරසී සිටි ඇය  ද්වන්ධ සටනක් කරන්න යනවා වගේ පෙනුනය.

“ඔයා අවේ මට උගන්වන්නද? නැත්තම් මාත්  එක්ක යුද්ද කරන්නද?”

“උගන්වන්න.. මෙහෙම අවේ හදිසි අවස්ථාවකදී මගේ ආරක්ෂාවට. ඒකට කරන්න දෙයක් නැ. ඔයා ඇත්තටම දිව්‍ය කලාව දන්නේ නැත්තම් ඔයා මට කියන්න ඕනේ. ඔයා අගනුවර පුපුරුවලා දාවි කියලා මට බයයි. අනිත් අය‍ට කරදරයක් වෙන්නේ නැති වෙන්න අපි පාලු දූපතක පුහුණුවීම් කරමු.”


එලන් ඒ සියල්ල එක හුස්මට පැවසුවේ ඇයට සන්නාහයේ තුල රස්නේ බැවිනි.

නිරායුධ ෆල්මාට සම්පූර්ණ ආයුධ සන්නද්ධව නයිට්වරියක් ලෙස පැමිණි එලන් ගැන කණගාටු සිතුනි, පුනරුත්පත්තිය ලැබූ දුෂ්ට දෙවියන් මැඩපැවැත්වීම සඳහා සිය ජීවිතය පරදුවට තැබීමට උත්සාහ කිරීමක් ලෙස ඔහුට සිතුනි.

“ඔයා බයවෙන්න එපා.. ඔයාට දැන් කොහොමද?”

“මට දැන් හොදටම සනීපයි. ඒ බෙහෙත් නියමට වැඩ කරා ”

එලන් අශ්වයාගෙන්  බිමට  බැස ෆල්මා වෙත ළඟා විය.

“ඒක හදන්න ගත්ත දේවල් මම දන්නේ නැනේ. අ මොනවද?”

එලන් ඇගේ නව කණ්නාඩි මාරු කර ෆල්මා දෙස කෙලින්ම ඔහුගේ දෑස් දෙස බැලීය.

“ඒ කියන්නේ ඔයා හොයාගත්තා..”

සිරප් එකේ රසයක් නොමැති උවත් ඇය හෝ තේරුම් එය  ගත්තාය. ඒ සමඟම ෆල්මාට  ඇය ගැන පැහැදීමක් ඇති විය.

“ඒක හරි, මම දැනගෙන හිටියා. මම මේ වගේ පෙනුනත්, මම තවමත් පළමු පන්තියේ වෛද්‍යවරයෙක්. කොහොම උනත් ඒ මොන වගේ බෙහෙතක්ද කියලා දන්නැති එකට මට සමාව දෙන්න බැ”

ඇය නැවත පැමිණීමට හේතුව එය බව ෆල්මාට ඒත්තු ගියේය.

“මට ඩියු ඩි මෙඩෙසින් (වෛද්‍ය දෙවියන්) ගැන හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ..!”

එලන් අවසානයේ ඔහුව ඩියු ඩි මෙඩිසින් ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබුණි.

“නැහැ, එක වෙනස්, මොකද..”

“එක රහසක්ද? සෙවණැල්ලක් නැති එක වගේ? මම දැනටමත් ඒක හොයාගත්ත"

“ඔයා විතරයි දන්නේ”

ෆල්මා එලන්ට පොරොන්දුවක් දුන්නේය.

එලන් ෆල්මාට දිව්‍ය කලාව උගන්වන අතර ෆල්මා එලන්ට  ඖෂධ විද්‍යාව උගන්වනු ඇත. මේ සමඟ එලන් සිය රැකියාව නැවත ආරම්භ කරයි.

එලන්ගේ උණ එක රැයකින් සුව වී ඇති බවත්, දිගටම ඉගැන්වීම සඳහා නැවත පැමිණ ඇති බවත් ඔහුගේ පියා දැනගත් විට, ඔහු පැවසුවේ “ඒක එහෙම වෙන්න එපයි” සහ බෙහෙත් සෑදීමේ ඔහුගේ ආත්ම විශ්වාසය වැඩි විය.

මෙතැන් සිට ඔවුන් දෙදෙනා එකිනෙකාට උගන්වන ස්ථානය ගං ඉවුරේ සිට පාලු  දූපතක් දක්වා වෙනස් විය.



එම කාලය තුළ සැන් ෆ්ලුව් අධිරාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් වූ පාලු  කුඩා දූපත් කිහිපයක් සිතියමෙන් අතුරුදහන් විය.

කෙසේවෙතත්, පුහුණුවේ ප්‍රතිපලයක් ලෙස එලන්ට දැන් ෆල්මා වෙත ළඟා විය හැක.

ඇයට තවදුරටත් සම්පුර්ණ තහඩු සන්නාහයක් පැළඳීමට අවශ්‍ය නොවීය.

No comments:

Post a Comment