Wednesday, January 15, 2020

සමාන්තර ලෝක ෆාමසිය 1.8

වෛද්‍ය පරීක්ෂණ සහ පළමු රැකියාව

ෆල්මා මන්දිරයේ සිටි අයව නිරීක්ෂණය කරමින් සිටියේ එලන් දිවා විවේකයට ගොස් තිබූ බැවිනි.

එලන් ෆල්මගේ ඇස දිව්‍ය ඇස ලෙස හැඳින්වුවද, ඔහු එය <රෝග විනිශ්චය ඇස> ලෙස හැඳින්වීමට තීරණය කළේය. එම හැකියාව ඔහුගේ ගුරුවරයා වන එලන් හැර වෙන කිසිවෙකු නොදනි. එය ලොටට්ටේට පවා රහසක් විය.
 

ඔහුගේ වම් අතේ ඇඟිලිවල රවුමක් සාදා රෝගියා පරීක්ෂා කර බැලීමෙන් හැකියාව සක්‍රීය වූ නමුත් එය අන් අයට කැපී පෙනේ. රෝගියා ඔහුට විහිළු කිරීමට හෝ ඔහු පිස්සු යැයි සිතීමට ඉඩ ඇත. ඔහුට වඩා උසස් තනතුරු සිටින අයගෙන් පවා ඔහුට යම් සමච්චල් ලැබෙනු ඇත. එම නිසා ඔහු යම් අත්හදා බැලීමක් කළ අතර,  ඇඟිලි 2 ක් තුලින් බැලීමෙන් <රෝග විනිශ්චය ඇස> සක්‍රීය කිරීමට ඔහුට හැකි බව සොයා ගත්තේය. එය වඩා හොඳ නමුත් එය තවමත් ටිකක් අමුතුයි.

මිනිස් සිරුරේ සලකුණු ඔහුට දැකිය හැකි වුවද, ඔහු ඒ සඳහා අවධානය යොමු කළ යුතුය.

ඔහුගේ මවට කොඳු ඇට පෙළේ තද වේදනාවක් ඇති බැවින් ඔහු එලන් වෙනුවෙන් සකස් කළ ක්‍රීම් එක නැවතත් සකස් කළේය.

ඔහුගේ සහෝදරියට බඩේ අමාරුවක්  තිබූ නිසා ඔහු විරේචකයක් වැනි දෙයක් හැදුවේය.

ඔහු මන්දිරය වටා ඇවිදිමින් සිටියදී, ඔහුට හමු වූ පුද්ගලයන්ව අහම්බෙන් පරීක්ෂා කළේය.

<රෝග විනිශ්චය ඇස> මගින් දිලිසෙන යමක් පෙන්නුම් කළ හෙයින් ඔහු රෝගියෙකු බව ඔහු සොයා ගත්තේය. රෝග විනිශ්චය කිරීමට පෙර වර්ණය ලා නිල් පැහැයෙන් යුක්ත වූ අතර, ඔහු එය නිවැරදිව හඳුනාගත් පසු එය සුදු පැහැයට හැරේ. රෝග විනිශ්චය වැරදියි නම්, එය කිසි විටෙකත් සුදු පැහැයට හැරෙන්නේ නැත.

එසේම, ඔහු රෝගය සඳහා නියම කරන ලද ඖෂධයේ නිවැරදි නම පැවසුවහොත්, සුදු ආලෝකය නැති වෙනු ඇත. එවිට ඔහු නියමිත ඖෂධය සාදනු ඇත.

කෙසේ වෙතත් ඔහුට පෙර ලෝකයේ  පුහුණුව හා රෝග විනිශ්චය කිරීමේ හැකියාව තිබුණද, සමහර රෝග විනිශ්චය කිරීමේදී ඔහුට දුෂ්කරතා ඇති වේ.

ෆල්මාගේ පෙර ජීවිතයේ දී, ඔහු ලොව ප්‍රමුඛ පෙළේ ඖෂධවේදියෙකි. එබැවින් ඔහුට වෛද්‍ය දැනුමක් තිබීම ස්වාභාවික දෙයක් වුවද ඔහු වෛද්‍යවරයකු නොවීය. එම නිසා රෝග පිළිබඳ දැනුමක් නොතිබුණ විට රෝගයේ නම ගැලපෙන තෙක් ඔහු උමතුවෙන් රෝග නම් කරයි.

“ඔයාට කොහොමද පොඩි මහත්තයා?”

“සුබ උදෑසනක් මේරියන්”

ඔහුට කොරිඩෝව තුළදී මුණගැසුනේ රෙදි සෝදන කටයුතු භාරව සිටියේ මාරියන්ය. ඇය රෙදි විශාල ප්‍රමාණයක් රැගෙන යමින් සිටියදී ය. ඇයගේ චරිතයේ නරක කිසිවක් නැත.

“මාස්ටර් ෆාල්මා, අද ඔයා එළියට යන්නම ඕනේ... කාලගුණය ලස්සනයි ”

“ඔව් ඒක ඇත්ත සීසර්”

සීසර් මැදිවියේ මිනිසෙකු වූ අතර ඔහු උයන්පල්ලෙකු වූ අතර සෑම විටම ෆල්මා සමඟ කතා කර පිටතට යාමට යෝජනා කරයි. ඔහු ද නිරෝගී විය.

(හැම කෙනෙකුම, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම අංක 1 වෙනවා)

ඔහු සේවකයන්ට සුදුසු වෛද්‍ය පරීක්ෂණ ලබා දුන් අතර ඔහුගේ ද්‍රව්‍ය නිර්මාණය කිරීමේ හැකියාව උපයෝගී කරගනිමින් ප්‍රතිකාර සඳහා ඖෂධ ලබා දුන්නේය. සේවකයෝ ප්‍රීතියෙන් කඳුළු සලති. මන්දිරයේ මස්ටගෙන් ඔවුන්ට කිසි විටෙකත් ඖෂධයක් නොලැබුණු බව පැවසේ.

දැන් පවා, ෆාල්මාගේ පියා ප්‍රධාන මෙහෙකරු වූ සයිමන් පසුකර යන විට සයිමන් නොසන්සුන් විය, ඔහුට දත් දිරායාමක් ඇති බව පෙනේ.

ෆල්මා දත් දිරායාමට දැනට ප්‍රතිකාර නොදී සිටීමට තීරණය කලේ එය තවදුරටත් සලකා බැලිය යුතු කරුණක් බැවිනි.

“පුදුමයි , තාත්තා ගෙදර ඉන්න අයගේ ලෙඩ දැකලා නැ”

ඔහු මන්දිරය හරහා ඇවිදිමින් සිටියදී ලොට්ටේ සමඟ කතාබස් කරමින් සිටියේය.

ෆල්මා විශ්වාස කළේ සේවකයින්ටද  පවුලේ සාමාජිකයෙකු ලෙස සැලකිය යුතු බවයි, නමුත් එය මේ ලෝකයේ සාමාන්‍ය සිරිතක් නොවන බව පෙනේ.

"ලොකු මාස්ටර්ට සාමාන්‍ය මිනිස්සු වෙනුවන් වෙලාවක් නැ, එයා බෙහෙත් කරන්නේ වන්ශාධිපතිවරුන්ට විතරයිනේ ”

“පවුලේ වෛද්‍යවරයා උනත්??”

“ඒක එහෙමයි”


වංශාධිපතියෙකු විසින් සාමාන්‍ය පුද්ගලයකු පරීක්ෂා නොකළ යුතු බව පැවසේ. සේවකයෙකු දරුණු රෝගයකින් පෙළෙන විට, රෝගියා පරීක්ෂා කිරීම සඳහා ඇපොතෙකරි ගිල්ඩ් හි 3 වන පන්තියේ වෛද්‍යවරයකු කැඳවනු ලැබේ. ඖෂධ මිල අධික වීම සහ ප්‍රතිකාර සැක සහිත බැවින් සාමාන්‍ය ජනයා අතර මරණ අනුපාතය ඉහළ මට්ටමක පැවතීම ගැන ඔහු පුදුමයට පත් නොවේ.
“මාස්ටර් ෆාල්මා අපිට වෙනස් විදියට සලකන්නේ නැ, ඒ වගේමයි සාමාන්‍ය අපට කරුණාවන්තයි. මට විශ්වාසයි ඔයා විශිෂ්ට වෛද්‍යවරයෙක් වේවි ”

සියලුම සේවකයන් වෙනුවෙන් ලොට්ටේ ෆල්මාට ස්තූති කළේය. කෙසේ වෙතත් ඔහු සිනහමුසු මුහුණකින් කීවේය.

“රෝගීන්ගේ සමාජ තත්වය අනුව එයාලට වෙනස් කොට සැලකීම විකාරයකි”

නූතන ලෝකයේ පුද්ගලයෙකු ලෙස ෆල්මාට රෝගීන්ට සමානව සැලකීම සහ හොඳම ප්‍රතිකාර ලබා දීම ස්වාභාවිකය.
රෝමයේ සිටින විට, රෝමවරුන් මෙන් සිටින්නයි කියමනක් තිබුනද, පිළිගත නොහැකි සමහර දේවල් තිබේ.

දැන් ඔහුගේ දකුණු අතේ රවුමක් සෑදීමේදී තවත් සැඟවුණු හැකියාවක් ඔහු සොයාගෙන ඇත.

රවුමේ ප්‍රමාණය අනුව රවුම හරහා තමා දකින දේ ඔහුට විශාල කළ හැකිය!

සාරාංශයක් ලෙස, මේ දක්වා ඔහුගේ හැකියාවන් පහත දැක්වේ:
 
  • වම් අත - ද්‍රව්‍ය සෑදීමේ හැකියාව.
  • දකුණු අත - ද්‍රව්‍යයක් මකා දැමීමේ හැකියාව. 
  • වම් අතෙහි ඇගිලි තුලින් බැලීමෙන් - රෝග විනිශ්චය ඇස, රෝගය හරහා දැකීමේ හැකියාව. 
  • දකුණු අතේ ඇගිලි තුලින් බැලීමෙන් - රවුම තුළ දර්ශනය විශාලනය කිරීමේ හැකියාව.

“මම ශුවර් එකටම මනුෂ්‍යයෙක් නම් නෙමෙයි!”

ෆාල්මා යනු දෙවියන්ගේ පුනරුත්පත්තිය යැයි එලන් සැක කළ විට එය අතිශයෝක්තියක් නොවන්නට ඇත.


ෆල්මා මෙම හැකියාවන් නිසා ඉතාමත් සතුටින් සිටිය යුතුය. ෆල්මා සැබවින්ම කරදරයට පත්වූයේ ඔහුට සෙවණැල්ලක් නොතිබීම නිසාය. මන්දිරයේ සිටින පුද්ගලයින් එය දැක ඇති බවක් පෙනෙන්නට නැත. ඔහු සෙවණෙහි පමණක් ගමන් කිරීමට වග බලා ගත්තේය.

එය එසේ කිරීමෙන් ඔහුට සෙවණැල්ලක් නොමැති බව සැඟවිය හැක.

“ඒත්, ඊට පස්සේ මොකද වෙන්නේ?”

එය දිව්‍යමය වස්තුවක් වැනි දෙයක් නම් එය තවමත් හොඳයි, නමුත් එය යක්ෂයෙකු වැනි දෙයක් නම් කුමක් කළ යුතුද? ෆල්මා ඒ ගැන කනස්සල්ලට පත්වූයේ ඔහු යමෙකුට පැවසුවහොත් අධ්‍යාත්මිකවාදියෙකු එය ඇසුවහොත් එය කරදරයක් වනු ඇති බැවිනි.

(අහ්, මට අමතක උනානේ)

ෆල්මා හදිසියේම තම හැකියාවන් නිරාකරණය කර ගත් අතර, ඔහු ස්වර්ණාභරණ පෙට්ටියේ යමක් පරීක්ෂා කළේය. ඇතුළත ඇති සියලුම ආභරණ ඉතා මිල අධික බව පෙනෙන්නට තිබුණි. මුද්දක් සහ වෙනත් ආභරණ තිබුණා. ඔහු ස්වර්ණාභරණ ගැන උනන්දු වූයේ නැත, ඒ වෙනුවට ඔහු වීදුරු භාණ්ඩයක් තෝරා ගත්තේය.

"මේ තියෙන්නේ! මට මෙක කරන්න පුළුවන් ”

ඔහු වීදුරු සහිත ආභරණවලින් කොටසක් ගෙන කුඩා පැහැදිලි බෝලවලට කඩා දැමුවේය. ඉන්පසු ඔහු වීදුරු කැබලි ගින්නෙන් රත් කර කොන් වලින් වට කර විදුරු බෝලයක් බවට පත් කළේය

එය වැදගත් කොටස විය. එදින, ෆල්මා පැය කිහිපයකින් වීදුරු බෝලය හා ලෝහමය තහඩුවකින් යමක් සාදන ලදී. එය ඔහුගේ අතීත ජීවිත කාලය තුළ ඔහු කැමතිම දෙයක  සරල අනුවාදයකි, ඔහු ලග එය නොමැති නම් ඔහු නොසන්සුන් විය.

(හොඳයි, මම හිතනවා මේක දැනට ඇති කියලා. මේක හරියට වැඩ කරාවි කියල මම ප්‍රාර්ථනා කරනවා ”

_____________________________________________________

“මාස්ටර් ෆල්මා. ලොකු මාස්ටර් ඔයාට එන්න කිව්වා ”

දින කිහිපයක් ගතවී තිබුනි, ෆල්මා මේ වන විටත් මන්දිරයේ ජීවිතයට හුරුවෙමින් සිටි. ඔහු දිවා ආහාරය අවසන් කර ඇති අතර දැන් උයනේ ලොට්ටේ  සමඟ විවේකීව සිටියදී ප්‍රධාන සේවක සයිමන් කඩිමුඩියේ පැමිණ ඔහුට කතා කළේය. ඩි මෙඩිසිස් පවුලේ තනතුරින් ඉහළම සේවකයා වූයේ සයිමන්ය.

(ඒ මොකටද දන්නේ නැ, මට මේ ගැන නරක දෙයක් දැනෙනවා.)

ෆල්මාගේ පියා ඔහුට කතා කළ සෑම අවස්ථාවකම එය හොඳ නැත.

බොහෝ දුරට ඔහු එනතුරු බලා සිටින්නේ ඖෂධ පිළිබඳ විස්මිත ප්‍රශ්නාවලියකි.

“මේක  ආධුනික රාජකීය අධිකරණ වෛද්‍යවරයකු විදියට ඔයාගේ රැකියාව ගැන”

රැකියාව. සයිමන් ඒ පිලිබදව ෆල්මාට කතා කළ පළමු අවස්ථාව මෙයයි.

“එක අධිරාජ්‍යයේ රැජිණගේ  වෛද්‍ය පරීක්ෂණයයි”

ෆල්මා වෙව්ලන්නට විය.

අවසානයේ එය ඔහුගේ පළමු රැකියාව විය.


No comments:

Post a Comment